රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් සඳහා නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර ඇත.
2026 වසරේ පාසල් පළමු වාරයේ පළමු අදියර අද (13) දිනයෙන් අවසන් වන අතර රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් අද සිට එළැඹෙන මාර්තු (02) වැනි දින දක්වා නිවාඩු ලබාදී ඇත.
පළමු වාරයට අදාළ දෙවන අදියරේ පාසල් කටයුතු මාර්තු මස (03) වැනි දින ආරම්භ කිරීමටද අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති අතර එම දෙවන අදියරේ පාසල් කටයුතු එළැඹෙන අප්‍රේල් මස (10) වැනි දින දක්වා පැවැත්වීමට ද සැලසුම් කර ඇත.

