මෝටර් රථයකට වෙඩි තබයි.. දෙදෙනෙක් මරුට.!

තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළෙඳසැලක රථ ගාලේදී පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කර ඇත.

T56 වර්ගයේ ගිනිඅවියක් උපයෝගී කරගෙන මෝටර් රථයකට අදාළ වෙඩි තැබීම සිදුකර ඇති අතර එම වෙඩි වැදීමෙන් මෝටර් රථය තුළ සිටි දෙදෙනා මියගොස් ඇත.

මෝටර් රථයකින් පැමිණි පිරිසක් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.

නිතීඥවරයෙක් සහ ඔහුගේ බිරිඳ මෙලෙස ඝාතනයට ලක්වී ඇති අතර මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් තලංගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Advertisements
Advertisements
1 Comment
Most Voted
Newest Oldest