අපි බලයට ආවාම අරගලය ගැන හොයනවා.!

LIVE

අපි බලයට ආවාම අරගලය සම්බන්ධයෙන් සහ ඒ සඳහා විදේශ රටවලින් ආපු මුදල් සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපති කොමිසමක් පත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කළේ,

“අපි පැහැදිලිවම අරගලය සම්බන්ධයෙන් සහ ඒ සඳහා විදේශ රටවලින් ආපු මුදල් සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් පත් කරලා ඒ කාරණය පිළිබඳව හොයනවා.

මොකද අමෙරිකානු වර්තමාන ජනාධිපතිවරයා පවා ලංකාව සහ බංග්ලාදේශය ඇතුළු රටවල් කිහිපයක ආණ්ඩු වෙනස් කරන්න විදේශ මුදල් ආයෝජනය කරපු ආකාරය පිළිබඳව යූඑස්ඒ අයිඩිය ආයතනය හරහා මුදල් ආයෝජනය කරා කියන කාරණය සඳහන් කරලා තියෙනවා.

ඒ කියන්නේ පැහැදිළිවම මේ අයට විදේශ රටවලින් මුදල් ආව. ඒ හින්දනේ අරගලයේ හිටපු සමහර අය අද සමාජ මාධ්‍යයට ඇවිල්ලා කියන්නේ අපි වාහන ගත්තා, අපි ගෙවල් ගත්තා, අපි රට ගියා. හැබැයි ඒ එක්කම ඒ තමන්ට වාහන ගන්න, තමන්ට ගෙවල් ගන්න, තමන්ට රට යන්න බිල්ලට ලක්වෙච්ච අය දරුවෝ අද එල්ලුම් ගස් ගියා.”

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රී නාමල් රාජපක්ෂ මේ බව සඳහන් කරයි.

11 Comments
Most Voted
Newest Oldest
✕
⌃ News
📰 Free News Subscription?