අකුරේගොඩ ඝාතනයට වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය ගාල්ලේදී ගිනිගනී.!

අකුරේගොඩදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමට වෙඩික්කරුවන් පැමිණි බවට සැක කෙරෙන මෝටර් රථය ගාල්ල බද්දේගම අතුරු මාර්ගයක ගිනි ගනිමින් තිබියදී නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සොයාගෙන ඇත.

නීතිඥවරයා සහ ඔහුගේ බිරිඳ ඝාතනයට පැමිණි බව කියන මෙම මෝටර් රථයක ගාල්ල අගලිය ප්‍රදේශයේ දමා ගොස් ඇති බවට ලද තොරතුරුක් අනුව පොලීසිය එම ස්ථානයට ගොස් ඇති අතර එහිදී නිලධාරීන් අදාළ මෝටර් රථය ගිනි ගනිමින් තිබෙන බව දැක ඇත.

මෙම ඝාතනය කරන්දෙණිය සුද්දා නැමැති සංවිධානාත්මක අපරාධකරු විසින් මෙහෙයවා ඇති බවට තොරතුරු ලැබී ඇතැයි, පොලිසීය සඳහන් කරයි.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments