ලංකාවේ රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමට බව සඳහන් කරමින් ඉන්දියානු ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට එරෙහිව නීතිපතිවරයා විසින් නඩුව ගොනුකර ඇත.
අද (16) දින මෙම නඩුව කොළඹ මහාධිකරණය හමුවේ කැඳවු අතර එම අවස්ථාවේදී විත්තිකාර නාමල් රාජපක්ෂ අධිකරණය හමුවේ පෙනී සිටියේය.
කෙසේ වෙතත් නීතිඥවරු අද (16) දින අධිකරණ රාජකාරීවලින් බැහැරවීමට තීරණය කර තිබීම හේතුවෙන් මෙම නඩුව ලබන (19) වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

