ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස ප්‍රභාත් චන්ද්‍රකීර්ති පත් කරනු ලැබ තිබේ.
ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් අද (16) ජනාධිපති කාර්යාලයේදී ඔහු වෙත භාර දෙනු ලැබීය.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන ප්‍රභාත් චන්ද්‍රකීර්ති මේ වනවිට වසර 26ක කාලයක් රාජ්‍ය සේවයේ කටයුතු කරනු ලබයි.
2000 වර්ෂයේ පෙබරවාරි (15) වන දින ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්වූ චන්ද්‍රකීර්ති මහතා 2010 වර්ෂයේදී ශ්‍රී ලංකා පරිපාලන සේවයේ I වන ශ්‍රේණියට උසස් වූ අතර 2019 වර්ෂයේදී විශේෂ ශ්‍රේණියට උසස්වීම් ලැබීය.
ඌව පළාත් සභාවේ අධ්‍යාපන හා සංචාරක අමාත්‍යාංශයේ සහකාර ලේකම් ලෙස 2001 වර්ෂයේදී මුල් පත්වීම ලැබු ඒ මහතා 2003 වර්ෂයේදී බියගම සහකාර ප්‍රාදේශීය ලේකම් ලෙස රාජකාරී භාර ගන්නා ලදී.
ඉන් අනතුරුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයේ සහකාර ලේකම්වරයෙකු ලෙස 2006 වර්ෂයේදී පත්වීම් ලද අතර 2010 වර්ෂයේදී එහි ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ලෙස උසස් වීම් ලැබ එම ධූරයේ 2015 වර්ෂය දක්වා කටයුතු කළේය.
ඉන්පසු 2015 අප්‍රේල් සිට 2020 ඔක්තෝබර් දක්වා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළේය.
2020 ඔක්තෝබර් සිට 2023 දෙසැම්බර් දක්වා කම්කරු කොමසාරිස් ජනරාල්වරයා ලෙසද කටයුතු කළේය.
2024 ජනවාරි මස පරිසර, වනජීවි, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත් කළේය.
ඔහු 2024 නොවැම්බර් සිට මේ දක්වා වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙසද කටයුතු කළේය.
මේ වන විට අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා ලෙසද කටයුතු කරයි.

