මන්ත්‍රී විශ්‍රාම වැටුප අවශ්‍යයි.. අහෝසි කරනවාට විරුද්ධයි.!

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුපක් තිබිය යුතු බව සමගි ජන බලවේග නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (17) දින පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ,

“විශේෂයෙන්ම අපි සෘජුවම මේ අවස්තාවේ එකක් කියන්න කැමතියි. අපි විශ්වාස කරනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුපක් තිබිය යුතුයි කියන කාරණාව. ඒ පදනමේ අපි බොහොම ශක්තිමත්ව ඉන්නවා. ඒක ගැන අපි සෘජුවම ප්‍රකාශ කරනවා.”

“අපි ඉන්නවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප ක්‍රියාත්මක විය යුතුයි කියන ස්ථාවරයේ. එසේ ඉන්න ගමන් ඊටත් වැඩිය වැදගත් වන මේ රටේ හත් ලක්ෂ පනස්දාහක් විශ්‍රාමිකයින්ගේ ගැටලු වලට, ඌනතාවයන් වලට, විෂමතාවයන් වලට විසදුම් ලබාදෙන්න කියලා අපි ඉල්ලීමක් කරනවා.”

13 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments