දින 14ක් මදි.. චමින්ද මාසයක් කල් ඉල්ලයි.!

මේ වනවිට වැඩ තහනමට ලක්කර සිටින පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුමාර කුලරත්න විසින් තමන්ට එරෙහි චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු ලබාදීමට මාසයක කාලයක් ඉල්ලා ඇත.

වැඩ තහනමකට ලක්ව සිටින නියෝජ්‍ය මහලේකම් චමින්ද කුමාර කුලරත්නට එල්ල වන චෝදනා සම්බන්ධව පිළිතුරු ලබාදීම සඳහා දින 14ක කාලයක් මීට පෙර ලබාදී තිබුණේය.

ඒ අනුව චමින්ද කුමාර කුලරත්නට එල්ල වන චෝදනා සම්බන්ධව පිළිතුරු ලබාදීම සඳහා ඔහු ඉල්ලු අතිරේක කාලය ඔහුට ලබා දුන් බව කථානායක කාර්යාලය සඳහන් කරයි.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest