සොමිසාර ඒකනායකට අධිකරණයෙන් දුන් නියෝගය.!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ බ්‍රිතාන්‍යයේ සිදුකළ පෞද්ගලික සංචාරයක් සඳහා මුදල් අනුමත කිරීම තුළින් රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි, රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක ඇප මත මුදාහරිණ ලෙසට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (18) දින නියම කළේය.

ඒ අනුව හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක රුපියල් මිලියන දෙක බැගින් වූ ශරීරය ඇප දෙකක් මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර නියෝග කළේය.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය ප්‍රකාශයට පත් කළේය.

රුපියල් ලක්ෂ 166කට අධික රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් කර තිබෙන නඩුවේ දෙවන සැකකරු ලෙස හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක නම් කර ඇත.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments