ව්‍යාජ ඔප්පු සැකසීමේ සිද්ධියක වරදකරුවන් වු දෙදෙනෙකුට වසර 16 බැගින් සිරදඬුවම් නියම කළේය.
එම ව්‍යාජ ඔප්පු සැකසීමේ සිද්ධියට අදාළ නඩුව (18) දින හලාවත මහාධිකරණ විනිසුරු නයෝමි වික්‍රමසිංහ හමුවේ විභාගයට ගැනුනේය.
2011 වසරේ ජුනි මස (07) වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිල්ලක් මත විමර්ශනයක් සිදුකර ඇත.
එම පැමිණිලිකරුට අයත් වයික්කාල ප්‍රදේශයේ අක්කර තුනයි රුට් දෙකයි සහ පර්චස් 34ක ඉඩම් කොටස් දෙකක් ව්‍යාජ ඔප්පු 26ක් සකස් කර අලෙවි කිරීම සම්බන්ධයෙන් එම විමර්ශනය සිදුකර ඇත.
ඒ අනුව සිරදඬුවම් නියම වුයේ වෙන්නප්පුව ප්‍රදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ඇලෙක්ස් නිශාන්ත ප්‍රනාන්දු සහ මහවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
එම සිරදඬුවමට අමතරව රුපියල් අසූදහස බැගින් දඩ ගෙවන ලෙසත් පැමිණිලිකරුට වෙත රුපියල් ලක්ෂ අට බැගින් වන්දි මුදලක් ගෙවන ලෙසද නියෝග කළේය.

