පසුගියදා සිදුවු අකුරේගොඩ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් (21) දිනයේදී අත්අඩංගුවට ගත් වෙඩික්කරු සම්බන්ධයෙන් මේ වනවිට කරුණු රැසක් හෙළිකරගෙන ඇත.
අදාළ වෙඩික්කරු හිටපු යුද හමුදා සෙබළෙකු බවත් ඔහු 2009 වසරේදී ලබා දුන් පොදු සමා කාලය තුළදී නීත්‍යානුකූලව හමුදාවෙන් ඉවත් වූ අයෙකු බව සිදුකළ විමර්ශන වලදී අනාවරණය වූ බව පොලීසිය සඳහන් කරයි.
අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධව බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් විමර්ශන ආරම්භ කර කළේය.
පුළුල් විමර්ශන ආරම්භ කර තිබූ බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසය සහ හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (21) දිනයේදී අම්බලන්ගොඩ පොලිස් වසමේ දෙල්දූව ප්‍රදේශයේදී මෙම අපරාධයේ වෙඩික්කරුවෙකු ලෙස කටයුතු කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගත්තේය.

