W15 වෙඩි තැබීමට අවශ්‍යව සිට හිටපු පොලිස් ලොක්කා අත්අඩංගුවට.!

පසුගිය 2023 වසරේදී දෙසැම්බර් (31) දින වැලිගම W15 හෝටලය අසල වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි හිටපු පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ වෙඩි තැබීමේ සිද්ධියෙන් පසුව ජගත් නිශාන්ත විදේශගත සිට ඇති අතර නැවත ඊයේ (23) දිනයේ දිවයිනට පැමිණි අවස්ථාවේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකොන්ට චෝදනා එල්ල වු අතර මෙම වෙඩි තැබීමෙන් පොලිස් නිලධාරියෙකුට දිවි අහිමි විය.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments