කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් 71ක් දෙනෙකුට ඩෙංගු වැලඳී ඇති බවත් තවත් සිසුන් 5 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව උපකුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක සඳහන් කරයි.
ඩෙංගු රෝගීන්ගෙන් බහුතරයක් ශාස්ත්‍ර පීඨයේ වන බැවින් ඔවුන්ගේ අධ්‍යන කටයුතු පිළිබඳව අවධානය යොමුකරමින් සතියක කාලයක් පීඨ කිහිපයක දේශන කටයුතු පමණක් ඔන්ලයින් සහ හයිබ්‍රිඩ් ක්‍රමයට සිදුකිරීමට විශ්වවිද්‍යාල පාලන අධිකාරිය තීරණය කර ඇත.
විශ්වවිද්‍යාලය මඟින් ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීමට පියවර ගණනාවක් ගෙන ඇති බවත් රෝහල්ගත සිසුන්ගේ තත්ත්වය සම්බන්ධයෙන් නිරන්තරයෙන් පරීක්ෂා කරමින් කටයුතු කරන බවද මහාචාර්ය ඉන්දික කරුණාතිලක සඳහන් කරයි.
දැනට කොළඹ විශ්වවිද්‍යාලය තුළ පවතින තත්ත්වය පාලනය කර ඇති බවත් උණ රෝගී තත්ත්වයක් ඇත්නම් කරුණාකර ඊට අදාළ වෛද්‍ය උපදෙස් පිළිපඳින ලෙස සිසුන්ගෙන් ඉල්ලා සිටින බවද මහාචාර්ය ඉන්දික කරුණාතිලක සඳහන් කරයි.
