Advertisements

අර්ච්චුනාගේ මන්ත්‍රී ආසනය වෙනස් කරන්න කියයි

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ච්චුනා දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම් වලදී මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේද ප්‍රසිද්ධියේ තමාට අපහාස කරමින්, ප්‍රචණ්ඩකාරී ලෙස තර්ජනය කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් සඳහන් කරයි.

එවන් තත්ත්වයක් තුළ පාර්ලිමේන්තු සභාගර්භය තුළ තමාට නුදුරින් අසුනක මන්ත්‍රී අර්ච්චුනා අසුන්ගෙන සිටීම තමාගේ අවධානය වෙනතකට යොමුවන බවට මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් කථානායකවරයා වෙත දැනුම් දී ඇත.

එනිසා අර්ච්චුනා මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තු ආසනය වෙනස් කර දෙන ලෙස ඉල්ලමින් මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් කථානායකවරයා වෙත ලිඛිත ඉල්ලීමක් කර ඇත.

අදාළ මන්ත්‍රීවරයා ස්වාධීන කණ්ඩායමකින් ප්‍රථම වරට තේරී පත්වුණු මන්ත්‍රීවරයෙක් වන අතර එවැනි මන්ත්‍රීවරුන් සඳහා අසුන් පැනවීම සිදුකරනු ලබන්නේ පිළිගත් දේශපාලන පක්ෂවල සියලුම ජ්‍යෙෂ්ඨ නායකයින් සහ මන්ත්‍රීවරුන්ගෙන් පසුව බවද අදාළ ලිපියෙහි සඳහන් කර ඇත.

සාමාන්‍ය සම්ප්‍රදායට පටහැනිව, පිළිගත් දේශපාලන පක්ෂ නායකයින් සහ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් අතර මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට අසුන් ගැනීමට අවසර දී ඇති බැවින් මෙම කරුණ සම්බන්ධයෙන් මැදිහත් වී ඔහුගේ ආසනය වෙනස් කර දෙන ලෙසට කථානායකවරයාගෙන් ඉල්ලා ඇත.

Advertisements
Advertisements
1 Comment
Most Voted
Newest Oldest