භෞත චිකිත්සකවරිය ඝාතනය කළ ප්‍රධාන සැකකරු, සැකකරුගේ බිරිද සහ සැකකරුට සහයෝගය දුන් දෙදෙනා ඇතුලු සිව් දෙනා අද (09) දින නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළේය.
සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී නුවරඑළිය පොලීසියේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා විසින් ඝාතනයේ ප්‍රධාන සැකකරුගේ රුධිර සාම්පලයක් ලබා ගැනීමට අවශ්‍ය බවට මහෙස්ත්‍රාත්වරියගෙන් ඉල්ලීමක් කළේය.
ඒ අනුව සැකකරු බන්ධනාගාර නිළධාරීන්ගේ අධීක්ෂණය යටතේ නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙසට මහෙස්ත්‍රාත්වරිය විසින් නියෝග කළේය.
බන්ධනාගාර නිළධාරීන් සහ පොලිස් නිළධාරීන්ගේ දැඩි ආරක්ෂාව මධ්‍යයේ නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත රැගෙන ගොස් රුධිර සාම්පල ලබාදීමෙන් පසු යළිත් සැකකරුවන් සිව්දෙනා නුවරඑළිය මහෙස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කර ඇත.
අනතුරුව ප්‍රධාන සැකකරු, සැකකරුගේ බිරිද සහ සැකකරුට සහයෝගය ලබා දුන් දෙදෙනා ඇතුලු සැකකරුවන් එළැඹෙන (16) වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්ත්‍රාත්වරිය නියෝග කළේය.
