Advertisements

කඩිනම් හා දිගුකාලීන ව්‍යාපෘතියක් ලෙස බේරේ වැව පිරිසිදු කරන්න සූදානම්

බේරේ වැවට මුහුදු ජලය ඇතුළු කර ඒ හරහා වැව පිරිසිදු කිරීමේ විශේෂ තාක්ෂණික ව්‍යාපෘතිය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර ඒ සඳහා පූර්ණ මූල්‍ය දායකත්වය ලබා දීමට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික ඉංජිනේරු නහිල් විජේසූරිය එකඟතාවය පළ කර ඇත.

බේරේ වැවේ පිරිසිදු භාවය සහ අලංකාරය තිරසාරව පවත්වා ගැනීමට වන දිගුකාලීන සැලසුම්, මෙවර රජයේ අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති අතර ඒ සඳහා කොළඹ මහා නගර සභාව, නාගරික සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව යන ආයතන ඒකාබද්ධව කටයුතු මෙහෙයවනු ලබයි.

අද (09) දින හුණු පිටිය ගංගාරාම විහාරාධිපති, පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජී නායක හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සහ උපදෙස් පරිදි බේරේ වැව පිරිසිදු කිරීම සහ අලංකරණය කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශ ඒකාබද්ධ කරගත් විශේෂ සාකච්ඡාවක් එම විහාරස්ථානයේදී පවත්වා ඇත.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest