Advertisements

කෝටි ගණනක රත්‍රන් සමග පුද්ගලයෙක් ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට

LIVE

රුපියල් එක් කෝටි දහඅට ලක්ෂ අසූ පන්දහස් පන්සිය දාහතරක් වටිනා රන් තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් මාතලේ ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි ව්‍යාපාරිකයෙක් එලෙස අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු රැගෙන ආ ගමන් මලු තුළ තිබී ග්‍රෑම් 271 මිලි ග්‍රෑම් 480ක් බරැති  කර මාල 12ක්, අත් පළදනා 10ක් සහ රන් බිස්කට් 02ක් සොයාගත් බව පොලිසිය සඳහන් කරයි.

එම රන් තොගය රාජසන්තක කර අත්අඩංගුවට ගත් සැකකරුට රුපියල් ලක්ෂ 10ක දඩයක් පැනවූ බව පොලිසිය සඳහන් කරයි.

0 Comments
Most Voted
Newest Oldest