Advertisements

යෝෂිතගේ නඩුව – හිටපු පෙම්වතියගේ සාක්ෂි වලින් හෙළිවූ කරුණු

රුපියල් ලක්ෂ 730කට අධික වටිනාකමකින් යුත් ඉඩම් කට්ටි පහක් අයතා ලෙස අත්පත් කරගැනිම තුලින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළ බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කරන ලද නඩුව (09) දින කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග ඉදිරියේ යළි විභාගයට ගත්තේය.

එහිදී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාරගේ මෙහෙයවීම යටතේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් සාක්ෂි ලබාදුන්නේය.

රත්මලාන ප්‍රදේශයේ පදිංචි ලූෂන් රත්නායක නමැත්තා සාක්ෂි දෙමින් සඳහන් කළේ,

ගෙදර විකුණනවා කියලා මගේ යාලුවෙක් වන වසන්ත ජයසූරියට මම කිව්වා. ඔහු ගැනුම්කරුවෙක් අරං ආවා. ඒ ගැනුම්කරු කවුද කියලා මට කිවුවේ නෑ. මම පරිච් එකක් මිලියන 1 ගානේ දෙන්න තීරණය කරලා තිබ්බේ. ඉඩම පර්චස් 34 හමාරක ප්‍රමාණයක් තිබ්බා. ඊට පස්සේ ඔහු මට ඉඩම ගන්න කෙනෙක් ඉන්නවා කිවුවා. හැබැයි ඔහු මට කවුද කියලා ඒ වෙලෙත් ඒ කවුද කිවුවේ නෑ.

ඔප්පු අත්සන් කරන විට ඉඩමේ ගැණුම්කරු ලෙස ඔප්පුවේ සඳහන්ව තිබ්බේ ඩේසි ෆොරස්ට්ගේ කියලා නමක්. බැංකු ගිණුමට සම්පූර්ණ මුදල වැටිලා කියලා දැන ගත්තම අපි ඔප්පුව අත්සන් කළා. ඉඩමේ විකුණුම් මිලේ ෆුල් එමවුන්ට් එක වන මිලියන 34යි පන් ලක්ෂ හතලිස්දාහක මුදලම බැංකුවට වැටිලා තිබිබා.

මුදල් තැන්පත් කලේ කවුද කියලා මම දන්නේ නෑ. මම ඉඩම 2012 ඔක්තෝබර් (10) විකිණුවා. ඉඩම විකිණීමට පෙර ගෙදර බඩු විකුණුවා අපි. ඒකට ගරාජ් සේල් එකක් තිබ්බා අපේ ගෙදර. ඒකට ආවා යෝෂිතයි ඇයගේ පෙම්වතිය යසාරයි. ඇවිල්ල වටේම බලලා ගියා.

අනතුරුව තවත් සාක්ෂිකරුවෙකු වන වසන්ත කුමාර ජයසූරිය සඳහන් කළේ,

යසාරා අබේනායක මගේ ඥති දියණියක්. ඇය යෝෂිත රාජපක්ෂ සමග මුදු මාරු කරගෙන විවාහ වෙන්න ඔන්න මෙන්න තමයි තිබුණේ. ඒ අවස්ථාවේදී තමයි ලූෂන් රත්නායකගේ ඉඩම් මිලදී ගන්න යෝෂිත මා සමග සාකච්ඡා කළේ. යෝෂිත රාජපක්ෂ මේ ඉඩම මිලදී ගන්න සූදානම් බව පැවසුවා.

ඒ අනුව ඉඩම මිලදී ගැනීමට අදාළ ඔප්පු අත්සන් කළේ, රාජගිරියේ පිහිටි ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවේදී. ඔප්පු අත්සන් කරන දවසේ බැංකුවට ඉඩම මිලදී ගන්න අවශ්‍ය කරන මුළු මුදල ආරක්ෂකයෙක් වගේ පෙනුමක් තියෙන පුද්ගලයෙක් එතනට මුදල් අරං ආවේ බෑග්වලින්. මුළු මුදලම කෑෂ් ලෙස තමා බැංකුවට බෑග්වල දමා එවලා තිබ්බේ.”

එහිදී සාක්ෂි දුන් CSN රූපවාහිනී නාලිකාවේ නාලිකා ප්‍රධානී වශයෙන් කටයුතු කළ යසාරා අබේනායක සඳහන් කළේ,

යෝෂිත සමග පැවති සම්බන්ධය ගැලපීමක් නැති බව ගෙවල්වලින් කියා සිටියා. ඒ නිසා එම සම්බන්ධය බිඳී ගියා. 2013 වසරේ පමණ තමයි එම සම්බන්ධය අවසන් වුණේ.”

සම්බන්ධය තිබෙන කාලයේ ගල්කිස්සේ මිහිඳු මාවතේ ඔහුගේ මිත්තණියට අයත් නිවසක් බව ඔහු මට කියා තිබූ ගෙයක් අපි බලන්න ගියා. අපි ඒ ගෙදර විවාහ වී පැමිණෙන්න තමා සැලසුම් කරගෙන සිටියේ. එම නිසා එම ගෙදර ගෘහ අලංකරණ කටයුතු සිදුකිරීමට ගෘහ අලංකරණ ශිල්පියෙක් සමඟත් අපි කතා කළා.

සම්බන්ධය තිබෙන කාලයේ අපේ ගෙදරට ඉස්සර ගෙදර විකුණනන්න දාලා තිබුණා. ඒ පිළිබඳ මගේ මාමා වසන්ත ජයසූරිය යෝෂිතට කියලා තිබ්බා. හැබැයි මම දන්නේ නෑ ඒ ඉඩම ඔහු ගත්තද නැද්ද කියලා.”

ඉන් අනතුරුව නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ජූලි මස (17) වනදා යළි කැඳවීමට මහාධිකරණ විනිසුරුවරයා නියම කළේය.

Advertisements
Advertisements
1 Comment
Most Voted
Newest Oldest