Advertisements

කොටුව මහේස්ත්‍රාත් තනතුරකින් ඉල්ලා අස්වෙයි

අධිකරණ සේවා සංගමයේ සභාපති ලෙස කටයුතු කළ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන එම තනතුරින් වහාම ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් සභාපතිවරයාගේ ඉල්ලා අස්වීමට හේතුව මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැත.

අධිකරණ සේවා සංගමයේ විශේෂ මහා සභා රැස්වීමක් කැඳවා ඇති පසුබිමක සභාපතිවරයා හදිසියේම ඉල්ලා අස්වී ඇත.

එම රැස්වීම කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී පැවැත්වෙන අතර එහිදී විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමේ අර්බුදය සහ සංගමයේ ඉදිරි පියවර පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට බඳුන් වීමට නියමිතය.

Advertisements
Advertisements
2 Comments
Most Voted
Newest Oldest