Advertisements

අත්අඩංගුවට ගත් සජබ මන්ත්‍රී රිමාන්ඩ්

අත්අඩංගුවට ගත් සමඟි ජන බලවේගයේ අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රී අමිත චතුරංග නොහොත් බටපොළ නින්දානේ චුට්ටේ අද (12) බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සමඟි ජන බලවේග ප්‍රාදේශීය සභා මන්ත්‍රී අමිත චතුරංග හෙට (13) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

බලපත්‍ර නොමැති රිපීටර් වර්ගයේ ගිනි අවියක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් සමඟි ජන බලවේගයේ අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රී අමිත චතුරංග ඊයේ පස්වරුවේ ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තේය.

Advertisements
Advertisements
4 Comments
Most Voted
Newest Oldest