Advertisements

තව අවුරුදු දෙකයි.. අපේ ආණ්ඩුවක් එනවා.. ආවාම නැවත නඩු අහනවා

අවුරුදු දෙකෙන් පස්සේ අපේ ආණ්ඩුවක් එන බවත් අපේ ආණ්ඩුව ආවාම සියලුම නඩු නැවත අහලා ඒගොල්ලෝ හිරේ දාන දවසක් එන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක සඳහන් කරයි.

මන්ත්‍රී චාමර සම්පත් දසනායක සඳහන් කළේ,

පගාව දීලා, තනතුරු දීලා අපිව හිරේ දාන්න. එකක් ලියලා තියාගන්න මහත්තුරු. අවුරුදු දෙකෙන් පස්සේ, අපේ ආණ්ඩුවක් ආවට පස්සේ නැවත ඒ සියලුම නඩු අහලා ඒගොල්ලෝ හිරේ දාන දවස එනවා කියන එක මේ අවස්තාවේදී කියන්න ඕන.”

මේ රටේ පගාව දීලා, තනතුරු දීලා පත්කරලා එහෙම මිනිස්සූ හිරේ දාන්න ආපු කාලේ ඉවරයි. මේ වේදිකාවේ අපි කියනවා අපිට එකතු වෙමු. ජනාධිපති කෙනෙක් ඕන්නම් අපි හදන්නම්. හැබැයි හදන කෙනා හදන අය එකතුවෙලා කියන්න ඕන නෑ.

මම මේ සැරේ ජනාධිපති, අපි ඔක්කොම එකතු වෙන්න ඕනි කියලා. එහෙම නැති මිනිස්සූන්ට ඕගොල්ලෝ එකතු වෙන්න එපා. එකතු වෙලා මේ රට හදන, මුන් එළවන, මුන් මෙතනින් පන්නන දිනය ළග ළග එනවා. ඒකට සූදානම් වෙන්න.”

කුරුණෑගල පැවති ජන හමුවකට එක්වෙමින් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මේ බව සඳහන් කරයි.

Advertisements
Advertisements
1 Comment
Most Voted
Newest Oldest