පසුගිය ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධව සොයා බලන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව විසින් සාක්ෂි විමසීම පසුගිය (06) වැනිදා සිට ආරම්භ කළේය.
ඒ අනුව බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා, අතිරේක ලේකම්වරයා සහ සමාගම් රෙජිස්ට්රාර්වරයාගෙන් සාක්ෂි සටහන් කරගෙන ඇත.
තවද ඊයේ (13) දිනයේදී ලක්විජය බලාගාරයේ ප්‍රධානීන් තිදෙනකුගෙන් සාක්ෂි සටහන් කරගෙන ඇත.
පසුගිය 2009 වසරේ සිට මේ දක්වා ගල් අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මෙම කොමිෂන් සභාව පත් කරනු ලැබීය.
