Advertisements

රජය කියන දේවල් පිළිගන්න බෑ.. මේක අනතුරුදායක තත්ත්වයක්

LIVE

වත්මන් ආණ්ඩුව විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම වැනි පොරොන්දු ලබාදී බලයට පැමිණීමෙන් පසු මැතිවරණ ක්‍රමයේ සංශෝධන වැනි ප්‍රමුඛ කාර්යයන් රැසක් තිබියදී නීතියට මැදිහත් වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය ජී.එල්. පීරිස් සඳහන් කරයි.

රජයේ යෝජිත ව්‍යවස්ථා සංශෝධනය මෑත යුගයේ ඉදිරිපත් වූ අනතුරුදායකම ව්‍යවස්ථාමය අත්හදා බැලීමක් බවත් එමඟින් අධිකරණ ස්වාධීනත්වය පිළිබඳ ජනතා විශ්වාසය පළුදුවන බවද මහාචාර්ය ජී.එල්. පීරිස් සඳහන් කරයි.

ඒ අනුව මෙරට උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව මෑත යුගයේ ඉදිරිපත් වූ අනතුරුදායකම ව්‍යවස්ථාමය අත්හදා බැලීමක් බව මහාචාර්ය ජී.එල්. පීරිස් සඳහන් කරයි.

ජීවිත අපේක්ෂාව ඉහළ යාම සහ විනිසුරුවරුන්ගේ දැනුම බෙදාගැනීම වැනි එම පියවර සාධාරණීකරණය කිරීම සඳහා රජය ඉදිරිපත් කරන කරුණු පිළිගැනීමට අපහසු බවද මහාචාර්ය ජී.එල්. පීරිස් සඳහන් කරයි.

4 Comments
Most Voted
Newest Oldest