අ.පො.ස උසස් පෙළ 2026 විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ මණ්ඩල පරීක්ෂකවරුන් තෝරා ගැනීම සම්බන්ධව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ අනුව අදාළ පරීක්ෂකවරුන් තෝරා ගැනීම සඳහා අයදුම්පත් කැඳවීම අද (14) සිට ජූලි මස (28) වැනි දින දක්වා මාර්ගගතව සිදු කරන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
තවද ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.donets.lk හෝ onlineexams.gov.lk.eic සබැඳිය වෙත පිවිස මේ සඳහා මාර්ගගතව අයදුම්පත් යොමු කළ යුතු බවද සඳහන් කරයි.
මේ සම්බන්ධව කිසියම් විමසීමක් අවශ්‍ය වන්නේ නම්, 0112784208 / 0112784537 / 0112785922 යන දුරකථන අංක ඇමතීමෙන් ලබාගත හැකි බවද සඳහන් කරයි.
