Advertisements

බැසිල්ට අසනීපයි.. හැබැයි අසනීපය මොකක්ද අපි දන්නෑ

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මේ වනවිට රැදීසිටින රට සහ ලංකාව අතර දුරස්ථ තත්ත්වයක් තිබෙන නිසා ඔහුගේ අසනීපය මොකක්ද කියා තමන් දන්නේ නැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ කැඳවා තිබු මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්‍රී ජගත් කුමාර මේ බව සඳහන් කරයි.

එහිදී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ තවමත් අසනීපයෙන් සිටිනවාද.?

මම හිතන්නේ උසාවියට ඉදිරිපත් කරලා ඇති ඒ කාරණා. මොකද අපි ඉන්න තැන සහ එතුමා ඉන්න රට අතර බොහොම දුරස්ථ තත්ත්වයක් තියෙන්නේ. ඉතින් ඉන්න තැන, අසනීපය මොකක්ද, ඒ සියලු තත්ත්වයන් අපි දන්නෑ. අපිට තොරතුරු තියෙන්නේ එතුමා අසනීප තත්ත්වයකින් හිටිය කියන කාරණාව.

බැසිල් රාජපක්ෂ ලංකාවට ඇවිල්ලා නඩු වලට ඉදිරිපත් වෙන්නේ නැද්ද.?

ඒක එතුමගෙන්ම අහන්න ඕන ප්‍රශ්නයක්. එතුමා ඉදිරියේදී මේ සම්බන්ධව මැදිහත්වෙයි. මොකද කවුරුවත් අධිකරණය මගහැරීමක්, අධිකරණයට පසුබෑමක් වෙන්නේ නෑ. අධිකරණයට එනවා.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest