Advertisements

මිලියන ගණනක වංචාවක්.. හිටපු ඇමති එස්.බීගේ සහෝදරයා අත්අඩංගුවට

හිටපු අමාත්‍ය එස්.බී.දිසානායකගේ සහෝදරයා වන හිටපු පළාත් සභා මන්ත්‍රී ජයලත් බණ්ඩාර දිසානායක අත්අඩංගුවට ගෙන ඇත.

සුරාබදු බලපත්‍රයක් ලබාදෙන බවට පවසා වීරකැටිය ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් රුපියල් 27,500,000ක මුදලක් වංචාකිරීම සම්බන්ධව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය වෙත පැමිණිල්ලක් ලැබී ඇත.

ඒ අනුව එම කොට්ඨාසයේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය මඟින් විමර්ශනයක් ආරම්භ කර ඇත. අනතුරුව අදාළ විමර්ශන නිලධාරින් විසින් ජයලත් බණ්ඩාර දිසානායක අත්අඩංගුවට ගෙන ඇත.

Advertisements
Advertisements
1 Comment
Most Voted
Newest Oldest