කුවේටය වෙත සහ දමාම් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත කොළඹ, කටුනායක ගුවන්තොටුපොළෙන් පිටත්ව ගිය ශ්‍රීලන්කන් ගුවන් යානා 02ක් මැදපෙරදිග යුද්ධයට මැදිව ඇත.
ඊයේ (14) දින පස්වරු 5.10ට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ U.L – 229 දරන ගුවන් යානය කුවේට් රාජ්‍යයේ සිටි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙතත්, රාත්‍රී 06.36ට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ U.L – 253 දරන ගුවන් යානය දමාම් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙතත් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් ඇත.
ඉරානය විසින් මැදපෙරදිග කලාපය වෙත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කිරීමත් සමඟ කුවේට් රාජ්‍යය සහ සෞදි අරාබිය තම ගුවන් අවකාශයන් වසා දැමීමට පියවර ගෙන ඇත.
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය හමුවේ ගුවන් අවකාශය වසා දැමීම හේතුවෙන් ශ්‍රීලන්කන් ගුවන් යානා 02ක් එලෙස මැදිවී ආරක්ෂිතව ගුවන්තොටුපොළ වෙත ගොඩබැස්සවීමට නියමුවන් කටයුතු කර ඇත.
එම රටවල් බලා පිටත්ව ගිය ශ්‍රීලන්කන් ගුවන් යානා 02ක ආපසු කටුනායක වෙත පැමිණීමට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණවත් නොවීම නිසා, එම කලාපය ආසන්නයේ ඉහළ අහසේ පැය 1යි විනාඩි 10ක කාලයක් පියාසර කරමින් සිට පසුව ගුවන් කලාපය විවෘත කළ පසු මෙලෙස ගොඩබැස්වීමට කටයුතු කර ඇත.
කෙසේ වෙතත් අද (15) උදෑසන වනවිට එම ගුවන් යානා 02ක යළිත් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි බව ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා සඳහන් කරයි.
