Advertisements

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තාවකාලිකව අහිමිවෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පවත්වනතුරු අයි.සී.සී (ICC) සාමාජික රැස්වීම් නියෝජනය කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තාවකාලිකව අහිමිවන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

ජුලි මාසයේ පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සල සාමාජික රැස්වීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තත්ත්වය පිළිබඳ සාකච්ඡා කර ඇති අතර එහිදී සාකච්ඡා කෙරුණු කරුණු සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.

සංශෝධිත ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගෙන ඇති ප්‍රගතිය පිළිබඳ සතුටු වන නමුත් නිලවරණය පවත්වනතුරු අයි.සී.සී. සාමාජික රැස්වීම් නියෝජනය කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තාවකාලිකව අහිමිවන බව සඳහන් කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු සභාපති ශම්මි සිල්වා පසුගිය මැයි මාසයේ සිය ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ ක්‍රීඩා අමත්‍යවරයා විසින් ක්‍රිකට් පරිපාලනය සිදුකරගෙන යාම සඳහා පරිවර්තන කමිටුවක් පත්කිරීමට කටයුතු කළේය.

කෙසේ වෙතත් ක්‍රිකට් පරිපාලනය සිදුකරගෙන යාම සඳහා පරිවර්තන කමිටුව පත්කිරීමෙන් අනතුරුව පසුගිය ජුනි මාසයේ පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ සාමාජික රැස්වීම් නියෝජනය කිරීමට අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමිවිය.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest