Advertisements
Advertisements

කපිලගේ බිරිඳට වැඩ වරදී.. අධිකරණයෙන් නියෝග

LIVE

එයාර්බස් ගනුදෙනුව සම්බන්ධ නඩුවේ දෙවන සැකකාරිය වන, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිඳ, ප්‍රියංකා නයෝමාලි විජේනායකට විවෘත වරෙන්තු නිකුත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන (15) දින නියෝග කළේය.

නඩුව කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් විසින් කරන ලද කරුණු දැක්වීම් සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, ඇය වෙනුවෙන් මීට පෙර නිකුත් කර තිබූ වරෙන්තුව සංශෝධනය කරමින් ඉංග්‍රීසි භාෂාවෙන් විවෘත වරෙන්තු නිකුත් කිරීමට නියෝග කළේය.

සැකකාරිය වෙනුවෙන් ඇපකරුවන් ලෙස කටයුතු කළ හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංගි අනුෂ්කා විජේනායක යන අයව එම ඇපකාරිත්වයෙන් නිදහස් කරන ලෙස ජනාධිපති නීතිඥ අනිල් සිල්වා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිබඳව නඩු ගොනුව පරීක්ෂා කළ මහේස්ත්‍රාත්වරයා, අදාළ ඇප මුදල රුපියල් මිලියන 10ක් නොව රුපියල් ලක්ෂ 200ක් (මිලියන 20ක්) බව පෙන්වා දුන්නේය.

එම ඇප මුදල් රාජසන්තක කිරීමට පෙර, ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වන ලෙසත් ඇපකරුවන් ඇපකාරිත්වයෙන් ඉවත් කිරීමට හේතු ලිඛිතව ගොනු කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළ අතර මෙම නඩුව ලබන (22) වන දින යළි කැඳවීමට නියමිතය.

0 Comments
Most Voted
Newest Oldest