Advertisements

දුම්කොළ මිශ්‍ර බුලත්විට භාවිතය සහ විකිණීම තහනම්

LIVE

රට තුළ දුම්කොළ මිශ්‍ර බුලත්විට භාවිතය, විකිණීම සහ බෙදා හැරීම තහනම් කිරීමට අවශ්‍ය නීතිමය පියවර දැඩිව ක්‍රියාත්මක කරන බව ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

ජනතාව මුඛ පිළිකා වලට ගොදුරු වීමට ප්‍රධානම හේතුව දුම්කොළ මිශ්‍ර බුලත්විට සහ විවිධ හපන දුම්කොළ නිෂ්පාදන පරිභෝජනය කිරීම බව ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික එම්.ඒ.සී. ප්‍රසාද් සඳහන් කරයි.

රටේ පවතින නීතියට අනුව බුලත්විටක දුම්කොළ අන්තර්ගත විය නොහැකි බවත් දුම්කොළ අන්තර්ගත බුලත්විට විකිණීම, බෙදා හැරීම, ළඟ තබාගැනීම, විකිණීමට ඉදිරිපත් කිරීම සහ ගබඩා කිරීම සම්පූර්ණයෙන්ම දඬුවම් ලැබිය හැකි වරදක් බවද එම සංගමයේ භාණ්ඩාගාරික එම්.ඒ.සී. ප්‍රසාද් සඳහන් කරයි.

2 Comments
Most Voted
Newest Oldest