ශ්රී ලංකා මහ බැංකු දෛනික විනිමය දත්ත වාර්තා අනුව අද (16) දින ශ්රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අවප්රමාණය වී ඇත.
ඒ අනුව අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 341.08ක් ලෙස සටහන්ව ඇත.
තවද අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 331.67ක් ලෙස සටහන්ව ඇත.
