Advertisements

ඇමතිට චන්ඩි පාට් දමා ගහන්න ගිය අර්ච්චුනා කමිටුවේදි යකා නටයි

කිලිනොච්චිය දිස්ත්‍රික් සංවර්ධන කමිටුව එහි සභාපති ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන්, පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඉලංකුමරන්, සිවඥානම් ශ්‍රීධරන්, රාමනාදන් අර්ජුනා ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් අද (16) දින කිලිනොච්චි දිස්ත්‍රික් කුසලතා සංවර්ධන ශ්‍රවණාගාරයේදී ආරම්භ විය. 

එහිදී දිස්ත්‍රික්කයේ සිදුවන දූෂණ ක්‍රියාවලට රජයේ උසස් නිලධාරීන්ද හවුල් වී ඇති බවට මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා ප්‍රකාශ කිරීමත් සමඟ සභාව තුළ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් සහ නොසන්සුන්තාවක් හටගෙන ඇත.

එම අවස්ථාවේදී ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට කිලිනොච්චි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් උත්සහ කළද එය සාර්ථක වී නැත.

කිලිනොච්චි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට පැමිණ සිටි රාජ්‍ය සේවකයින් ඉන් ඉවත්ව යාමට උත්සහ කළ අවස්තාවේදි සහ එම නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට යාමේදී මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා සහ ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් අතර බහින් බස්වීමක් සිදුව ඇත.

අනතුරුව ධීවර අමාත්‍යවරයා සහ මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා අතර ඇති වූ බහින් බස්වීම ගැටුමක් දක්වා වර්ධනය වීමට ගියද පොලිසියේ මැදිහත්වීමෙන් එය පාලනය කළ අතර අනතුරුව රැස්වීම තාවකාලිකව කල් තැබීමට කටයුතු කළේය.

Advertisements
Advertisements
1 Comment
Most Voted
Newest Oldest