Advertisements

චාමර සම්පත්ට එරෙහිව නීතිමය පියවර

කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඉලක්ක කර ගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක සිදුකළ ‘වෛරී සහ අසත්‍ය’ ප්‍රකාශයට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරමින් සිටින බව අගරදගුරු මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී පියතුමා පවසයි.

වත්මන් යුද හමුදාපතිවරයා ජූලි (02) වැනිදා පළතුරු වට්ටියක් රැගෙන කාදිනල් හිමියන් හමු වූ බවත් ඉන්පසු එදිනම විශ්‍රාම යාමට තිබූ හමුදාපතිවරයාගේ සේවා කාලය 2028 ජනවාරි හෝ පෙබරවාරි දක්වා දීර්ඝ කළ බවට පසුගිය ජූලි (10) වැනිදා හෝ ඒ ආසන්න දිනක පැවැති ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීමකදී මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත.

මෙම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ‘අසත්‍ය සහ පදනම් විරහිත’ එකක් බවත් පාප් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැති සමුළුවකට සහභාගි වීම සඳහා වතිකානයට ගොස් සිටි කාදිනල් හිමියන් නැවත දිවයිනට පැමිණියේ ජූලි (03) වැනිදා බවත් එදින සිට මේ දක්වා යුද හමුදාපතිවරයා සහ උන්වහන්සේ අතර කිසිදු හමුවීමක් සිදුව නොමැති බවද සිරිල් ගාමිණී පියතුමා පවසයි.

දේශපාලන වාසි තකා ආගම්වාදය අවුස්සමින් රටේ පවතින සමාජයීය සහ ආගමික සංහිඳියාව විනාශ කිරීමේ නින්දිත අරමුණකින් මන්ත්‍රීවරයා මෙම වෛරී ප්‍රකාශය සිදුකර ඇති බව, නිවේදනයක් නිකුත් කරමින් සිරිල් ගාමිණී පියතුමා පවසයි.

Advertisements
Advertisements
1 Comment
Most Voted
Newest Oldest