ගමටත් කිරි දුන්න තාත්තෙක්ගේ පුතෙක් 2029 වසරේ බලයට එන්න හදන බවත් නාමල් රාජපක්ෂ අනිවාර්යෙන්ම මේ රටේ ජනාධිපති වෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇල්පිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී ශීලා කන්නංගර සඳහන් කළාය.
නාමල් රාජපක්ෂ ඒකාන්තයෙන්ම ජනාධිපති වුණාට පස්සේ රටේ සියලුම ජනතාවට සෙතක් සහ පොහොසත් ආර්ථිකයක් ලැබෙන බවද ප්‍රාදේශීය සභා මන්ත්‍රී ශීලා කන්නංගර සඳහන් කළාය.
මාධ්‍ය හමුවකට එක්වෙමින්ය ප්‍රාදේශීය සභා මන්ත්‍රී ශීලා කන්නංගර සඳහන් කළේ,
“එතුමගේ පියා අපේ ජනාධිපති වෙලා ඉන්න කාලයේ ඇත්තටම අපි දැක්කේ ගමේ ගෙදර. හැම ගෙදරකම තිබුණා යතුරු පැදියක්. බොහෝ ගෙවල්වල ත්‍රිරෝද රථයක්. නැත්තම් වාහනයක් තිබුණා.
අද මට හරිම දුකයි ගමටත් කිරි දුන්න තාත්තෙක්ගේ පුතෙක් නේ 2029යේ එන්න හදන්නේ. එනිසා අනිවාර්යෙන්ම අපි දන්නවා නාමල් රාජපක්ෂ මැතිතුමා 2029යේ අනිවාර්යෙන්ම, ඒකාන්තයෙන්ම ජනාධිපති වෙනවා.
එතුමා ජනාධිපති වුනාට පස්සේ ලංකාවාසී සියලුම ජනතාවට සෙතක්, ඒ වගේම සශ්‍රීකත්වයක්, හොද පොහොසත් ආර්ථිකයක් ලැබෙයි. ඒක අපිට විශ්වාසයි කාන්තාවෝ විදිහට. ඒක අනිවාර්යෙන්ම වෙනවා. නාමල පිපෙනවා. දැන් පිපීගෙන එන්නේ.”
