විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට වත්මන් ආණ්ඩුවට අවශ්‍ය වී තිබෙන බවත් එය සිදුකළහොත් ඉදිරියේදී දේශපාලන සහ දේශපාලනික නොවන තවත් විරෝධතා මතුවන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.
“READ WITH RANIL” නමින් කොළඹ පැවති තරුණ තරුණියන්ගේ සාකච්ජාවකට එක්වෙමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කරයි.
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ,
“දැනට ඒ ගැන ලොකු ආන්දෝලනයක් තියෙනවා. ඔබ සැවොම දන්නවා වගේ නීති ශ්‍රේත්‍රයේ බහුතරයක් දෙනා මේ වයස් සීමාව දීර්ඝ කිරීමට විරුද්ධව ඉදිරිපත් වෙලා තියෙනවා.
මොකද අවුරුදු 65න් විශ්‍රාම ගියාට පස්සේ නැවත සේවා කාලය දීර්ඝ කරනවාට ඔවුන් කැමති නෑ. හැබැයි ආණ්ඩුවට උවමනා වෙලා තියෙනවා වගේ පේනවා මේක ඉදිරියට සිදු කරන්න.
මම දන්නේ නෑ ඒකට කොච්චර සහයෝගයක් තියෙනවාද කියලා. අපිට පේන විදිහට විනිසුරුවරුන් අතර පවා තියෙන ප්‍රශ්නයත් ඒකයි. ආණ්ඩුව මේක කිරීමට බල කරන්න, කරන්න ඔවුන් අධිකරණයේ අපක්ෂපාතිත්වය අවදානමක හෙලන්න පුළුවන්.
එනිසා දැන් ආණ්ඩුව තීරණය කරන්න ඕන මොකක්ද කරන්න අවශ්‍ය කියලා. නමුත් ඔවුන් මේක ඉදිරියට ගෙන ගියොත් මම හිතන්නේ, දේශපාලන කේෂ්ත්‍රයෙන් වගේම දේශපාලනික නොවන කේෂ්ත්‍ර වලිනුත් මේකට එරෙහිව තවත් විරෝධතා මතුවෙයි. මට පේන දේ ඒකයි.“
