දේශපාලන සටන්පාඨ වලට රැවටී ඇති තරම් උද්ඝෝෂණ කළද, වී සඳහා රජය තීරණය කළ මිල වැඩි කරන්නේ නැති බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත සඳහන් කරයි.
අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත සඳහන් කළේ,
“අපි ගොවියෝ ගැන විතරක් හිතන ඇමතිවරු නෙමෙයි. ගොවියෝ ගැනත් හිතනවා. පාරිභෝගිකයා ගැනත් හිතනවා. ගොවියත් දැන ගන්න ඕන මේ රටේ පාරිභෝගිකයා තමයි ඒගොල්ලන්ට දෙන සහන ඔක්කොම දෙන්නේ.
එහෙනම් ගොවියා තමන්ගේ වී මිල ඉල්ලන කොට, ඔය දේශපාලන සටන්පාඨ දාගෙන වී වලට ගාන ඉල්ලන කොට කල්පනා කරන්න ඕන අපිට මේ පොහොර සහනාධාරය දෙන, අපිට මේ වාරිමාර්ග පහසුකම් සපයන, අපට විවිධ සහන සපයන, අපේ දරුවන්ට පාසල් උපකරණ ටික ගන්න රුපියල් 6,000ක් දීපු ඒ ජනතාව ගැනත් ගොවියා හිතන්න ඕන.
එක එක දේශපාලන සටන්පාඨ වලට රැවටෙන්නේ නැතිව, අපි ගණන් හදලා තියෙනවා. ගණන් හදලා තමයි ගාණ කියලා තියෙන්නේ. 120යි, 130යි, 140යි. ඒක තමයි ගාණ. ඊට වඩා වැඩි ගණන් ඉල්ලන්න ඇති තරම් උද්ඝෝෂණය කරන්න දෙන්නෑ. ඒක තමයි ගාණ.”
