පසුගිය කාලයේ කොළඹ මහ නගර සභාවේ සිදුවී ඇතැයි සැලකෙන දූෂණ, වංචා සම්බන්ධව සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ විමර්ශන අංශය හමුවට කොළඹ මහා නගර සභාවේ හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක අද (17) දින කැඳවා ඇත.
ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ ලේකම්වරයාගේ අත්සනින් හිටපු නගරාධිපති රෝසි සේනානායක වෙත යොමුකළ දැනුම්දීම අනුව අද දින කොමිසම හමුවේ පෙනී සිටින බවට ඇය දැනුම්දී ඇත.
2022 වසරේ කොළඹ අඩු ආදායම්ලාභීන්ට සතොසින් බඩු ගැනීමට ලබාදුන් වවුචර් වංචාවක් සහ නාගරික මන්ත්‍රීවරුන්ට වාහන පාකින් වෙන් කිරීමේදී සිදුවූ වංචාවක් ඇතුළු වංචා රැසක් සම්බන්ධයෙන් අනාවරණය වී ඇති තොරතුරු සම්බන්ධව රෝසි සේනානායකගෙන් ප්‍රශ්න කිරීමට නියමිතය.
තවද 2010 වර්ෂයේ සිට 2025 වර්ෂය දක්වා කාලය තුළ කොළඹ මහ නගර සභාව තුළ සිදු වී ඇතැයි සැලකෙන දූෂණ ක්‍රියා, වංචා, සාපරාධී ලෙස විශ්වාසය කඩ කිරීම, බලය, රජයේ සම්පත් සහ වරප්‍රසාද අනිසි ලෙස පාවිච්චි කිරීම හෝ අවභාවිතය, නීත්‍යනුකූල නොවන බඳවා ගැනීම්, පත්කිරීම් හා ප්‍රසම්පාදන මාර්ගෝපදේශ උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට නියමිතය.

