ජීව අත්බෝම්බ 02ක් සහ විවිධ වර්ගයේ ජීව පතරොම් තොගයක් සමඟ සැකකරුවෙක් යක්කල ප්රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.
කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ (16) දින රාත්රියේ යක්කල පොලිස් වසමේදී සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව විදේශීය නිෂ්පාදිත ජීව අත්බෝම්බ 02ක්, පිස්තෝල පතරොම් 32ක්, M -16 වර්ගයේ ගිනිඅවියක් සඳහා භාවිත කරන පතරොම් ගැබක්, එම පතරොම් 11ක්, රිවෝල්වර් පතරොම් 06ක් සහ මෙරටට රැගෙන එන ලද දුම්වැටි 34,000ක් පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 42ක් වන රාගම ප්රදේශයේ පදිංචිකරුවෙක් වන අතර එම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.

