ලංකා ප්රිමියර් ලීග් (LPL) ක්රිකට් තරගාවලියේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ හිමිකරුවෙකු සහ තවත් අයෙක් අත්අඩංගුවට ගෙන ඇත.
තරග පාවාදීමේ චෝදනා මත, ක්රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගත් මොවුන් දෙදෙනාම ඉන්දීය ජාතිකයින් වේ.
ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ සම හිමිකරුවෙකු වන මන්ජොත් කල්රා සහ යුවරාජ් කුෂ්වහා යන අය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

