Advertisements

පොලිස්පතිගේ අබිරහස් මරණයේ තවත් තොරතුරු

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්නගේ මරණය සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය සහ මාළඹේ පොලිසිය මගින් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

අද පස්වරුවේ අදාළ ස්ථානයට පැමිණි කඩුවෙල මහේස්ත්‍රාත්වරයා විසින් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකරනු ලැබු අතර වත්මන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරියද එම ස්ථානයට පැමිණ සිටියේය.

සී.ඩී වික්‍රමරත්නගේ මරණය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදුකර එහි ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස එහිදි කඩුවෙල මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කර ඇත.

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න සිය නිවසේදී තම පෞද්ගලික ආරක්ෂකයාගේ ගිනි අවියෙන් තම පපුවට වෙඩි තබාගෙන දිවි නසාගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

උදෑසන ශරීර සුවතා ව්‍යායෑම් සඳහා යෑමට පෙර නිවසේ පිටතට පැමිණි සී.ඩී වික්‍රමරත්න එහි වූ පුටුවක අසුන්ගෙන අනතුරුව තම පෞද්ගලික ආරක්ෂක නිලධාරියා අමතා ඔහුගේ පිස්තෝලය ඉල්ලාගෙන ඇත.

එහිදී, සී.ඩී වික්‍රමරත්න වෙපන් එක ගේන්න. අලුත් එකක්ද, පරණ එකක්ද කියලා බලන්න ඕනේ යනුවෙන් ආරක්ෂක නිලධාරියාට පවසා ඇති අතර පසුව වතුර බෝතලයක් රැගෙන එන ලෙසට ආරක්ෂක නිලධාරියාව නිවස තුළට යවා ඇති බව වාර්තා වේ.

අනතුරුව සී.ඩී වික්‍රමරත්න විසින් අදාළ ගිනිඅවියෙන් තම පපුවට වෙඩි තබාගෙන ඇති බව වාර්තා වන අතර පසුව නිවැසියන් කඩිනමින් ඔහුව නැගෙනහිර කොළඹ රෝහලට රැගෙන ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.

කෙසේ වෙතත් පෞද්ගලික හේතුවක් මත සී.ඩී වික්‍රමරත්න දිවි නසාගෙන ඇතැයි සැකකරන අතර එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් දෙකක් විශේෂ විමර්ශනයක් සිදුකරන බව පොලීසිය සඳහන් කරයි.

Advertisements
0 Comments
Most Voted
Newest Oldest