අල්ලස් ලබාගැනීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දසනායක ඇතුළු සැකකරුවන් දෙදෙනා අද (23) දින කොළඹ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.
අනතුරුව මන්ත්රී චාමර සම්පත් සහ ඔහුගේ පුද්ගලික ලේකම් එක් නඩුවකට අදාළව ඉදිරිපත් කළ ඇප ඉල්ලීම ප්රතික්ෂේප කරමින් නොවැම්බර් මස (06) වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්රාත් අධිකරණය නියෝග කළේය.
අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ එම සැකකරුවන්ගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම විසින් මෙම නියෝගය නිකුත් කළේය.
