බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමිට නිදහස ලබා දෙන ලෙස ඉල්ලා ස්වාමින්වහන්සේලා හා විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරන නියෝජිතයින් සහ සිවිල් සංවිධාන ක්රියාකාරීන් විසින් කුරුඳුවත්ත පොලිස් වසමේ පිහිටි විහාර මහාදේවි උද්යානය තුල රැඳී සිටිමින් පවත්වනු ලබන විරෝධතාවය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපති විසින් කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කල කරුණු සලකා බැලීමෙන් පසුව මහේස්ත්රාත් අධිකරණය විසින් ලබාදෙන ලද නියෝගයේ සඳහන් හේතු අනුව පහත අයවළුන්ට අපරාධ නඩු විධාන සංග්රහයේ 106 (1) ප්රතිපාදන ප්රකාරව ආඥාවක් නිකුත් කර ඇත.
අඛණ්ඩව විරෝධතාකරුවන් සමඟ රැඳී සිටින හික්ෂූන් වහන්සේලා,
- පූජ්ය උලපනේ සුමංගල හිමි
- පූජ්ය බලංගොඩ කාශ්යප හිමි ඇතුලු විහාරස්ථානයන්හි විහාරධිපති හා අනෙකුත් ස්වාමින් වහන්සේලා
- සිවිල් ක්රියාකාරීන් හා විවිධ දේෂපාලන පක්ෂ නියෝජිත සාමාජිකයින්
ඉහත අයවලුන් හා ඔවුන්ගේ සාමාජිකයින් හා සහාභාගි වන වෙනත් තැනැත්තන් වෙත,
කුරුඳුවත්ත පොලිස් වසමේ විහාර මහාදේවි උද්යානය ඉදිරිපිට ඇති බුදු පිළිමය අසල පරිශ්රය, ඇවිදින මංතීරු, එෆ්.ආර්.සේනානයක මාවත, ලිප්ටන් වට රවුම, සොයිසා වට රවුම, ධර්මපාල මාවත, කන්නන්ගර මාවත, ග්රීන්පාත් පාර, මල්පාර, යන මාර්ග අවහිර නොකරන ලෙසත්, මල්පාර අගමැති කාර්යාලය ඉදිරිපිට හා විහාර මහාදේවි උද්යානය බුදු පිළිමය පරිශ්රයේ අඛණ්ඩව රැඳී සිටීමෙන් වලකින ලෙසත් පොදු හා පුද්ගලික දේපළ වලට හානි නොකරන ලෙසත් 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්රහයේ ප්රතිපාදන ප්රකාරව මෙම ආඥාව නිකුත් කර ඇත.
තවද, අපරාධ නඩු විධාන සංග්රහයේ 106 (3) වගන්තිය ප්රකාරව අදාල නියෝග සම්බන්ධයෙන් ක්රියාකිරීමේ හැකියාව පොලිසියට ඇති අතර මෙම ආඥාව කඩ කිරීම එකී පරිච්ඡේදයේ සඳහන් පරිදි ලංකා දණ්ඩ නීති සංග්රහයේ 185 වන වගන්තිය ප්රකාරව දඩුවම් ලැබිය හැකි වරදකි.
