රාජ්ය ආයතන 34ක් වසා දැමීමට මුදල් අමාත්යාංශය තීරණය කර ඇති බවත් ඒ සඳහා කමිටුවක් පත්කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
රට තුළ ඇති වන ආර්ථික කම්පනයට මුහුණදීම සඳහා ප්රමාණවත් තරම් රුපියල් පවතින බවත් බාහිර කම්පනයකට මුහුණදීමට ආර්ථික ශක්තිමත් නොමැති බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
මෙරට රාජ්ය සේවය ආකර්ෂණය නොවන බැවින් බොහෝ පිරිස් එය අතහැර යන බවත් වෘත්තීයවේදී රඳවාගැනීමට සමත් රාජ්ය සේවයක් රට තුළ ඇතිව නොමැති බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.
එවන් අසීරු පසුබිමක මූලික වැටුප ඉහළ නැංවීමට තීරණය කළ අතර 2027 වසරේදී වැටුප් වැඩි කිරීමට රුපියල් බිලියන 110ක් අවශ්යව ඇති බැවින් මෙම අයවැය ලේඛනයේදී දීමනා සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.
කෙසේ වෙතත් වෘත්තීමය රාජ්ය සේවයේ පුරප්පාඩු රැසක් මතුව තිබෙන බවත් දේශපාලන පත්වීම් හේතුවෙන් එම සේවය පහළ මට්ටම් පිරී ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.
බත්තරමුල්ලේ පැවති රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තු සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීමට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කරයි.
