අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ පැමිණිලි 04කට අදාළව මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දසනායක සහ ඔහුගේ ලේකම්වරයා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්රාත් අධිකරණය අද (23) දින නියම කර ඇත.
ඒ අනුව සෑම නඩුවක් සඳහා එක් එක් සැකකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්රාත්වරයා එම සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කරන බවට නියෝග කළේය.
අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුවන්ගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම විසින් මෙම නියෝගය නිකුත් කළේය.
අනතුරුව මෙම නඩු ජනවාරි මස (26) වනදා කැඳවන ලෙස මහේස්ත්රාත්වරයා නියෝග කළේය.
කෙසේ වෙතත් රුපියල් ලක්ෂ 81ක් අල්ලස් ලබාගැනීම සහ ඊට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් මන්ත්රී චාමර සම්පත් දසනායක සහ ඔහුගේ ලේකම්වරයා නොවැම්බර් මස (06) වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
