ශ්රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු කුවේට් රාජ්යයේදී සැකකටයුතු ලෙස මියගොස් ඇති බවත් එම සිදුවීම් සම්බන්ධව එරට බලධාරීන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව, එරට ‘අරාබි ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි.
එක් කාන්තාවකගේ සිරුර අලි සබා අල්-සලීම් ප්රදේශයේ පිහිටි නිවසක උඩු මහලේ ගබඩා කාමරයක තිබී හමුවී ඇති අතර එලෙස මියගොස් ඇත්තේ 1988 වසරේ උපත ලැබූ කාන්තාවක් බව සඳහන් වේ.
මෙම සිදුවීම සැකකටයුතු මරණයක් ලෙස තහවුරු කර ඇති අතර සිරුර වැඩිදුර පරීක්ෂණ සඳහා වෛද්ය පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බව සඳහන් කරයි.
අනෙක් කාන්තාවගේ මරණය අල්-නහ්දා ප්රදේශයෙන් වාර්තා වී ඇති අතර එලෙස මියගොස් ඇත්තේ 1999 වසරේ උපත ලැබූ කාන්තාවක් බව සඳහන් වේ.
ජහ්රා මහජන පැමිණිලි මෙහෙයුම් කාර්යාංශයේ උපදෙස් මත ඇගේ මළසිරුර වෛද්ය පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට කටයුතු කර ඇති බව සඳහන් කරයි.
