මාතර, තලල්ල, මුහුදු තීරයෙන් සොයා ගත් රුපියල් බිලියන 11.8කට අධික වටිනාකමකින් යුත් මත්ද්රව්ය තොගය සම්බන්ධයෙන් සැකකරුවෙකු ගන්දර ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
එලෙස අත්අඩංගුවට ගත් සැකකරු ගන්දර ප්රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙක් බව පොලීසිය සඳහන් කරයි.
මාතර, තලල්ල, නාඔටුන්න මුහුදු තීරයේ තිබී ඊයේ (24) දින අයිස් සහ හෙරොයින් මත්ද්රව්ය කිලෝග්රෑම් 561 ග්රෑම් 705ක පමණ තොගයක් සොයා ගැණුනි.
නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව, සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී එම මත්ද්රව්ය තොගය සොයා ගැණුනි.
