බ්රසීලයේ නව ජනාධිපතිවරයා ලෙස හිටපු ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා තේරී පත්ව ඇත.
බ්රසීල ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වාගේ මැතිවරණ ජයග්රහණය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සුබපැතුම් එක්කර ඇත.
බ්රසීලයේ ජනතාව දූෂණයට, සමාජ බෙදීම්වලට සහ දේශපාලන මුසාවාද වලට එරෙහිව ජයග්රහණය කර ඇති බව ජනාධිපතිවරයා සිය සුබ පැතුම් පණිවුඩයේ සඳහන් කර ඇත.
එම ඓතිහාසික ජයග්රහණයෙන් පෙන්නුම් කරන්නේ අසාර්ථක දේශපාලන පරම්පරාවන්ට සහ යුක්තියට වඩා බලය උසස් යැයි සිතන අතීතයේ බලවේග වලට ජනතාව රැවටිය නොහැකි බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
නැවත වරක් ප්රගතියේ ගමනට නායකත්වය ලබාදීම වෙනුවෙන් ජනාධිපති ලූලාට උණුසුම් සුබපැතුම් එක්කරන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
මේ අතර ලූලා කම්කරුවෙක් විදිහට ජීවිතය පටන් ගත්ත පුද්ගලයෙක් වන අතර ඔහු බාල වයස්කාර දරුවෙක් විදිහට අවුරුදු 17දී සපත්තු කර්මාන්තශාලාවක වැඩ කරද්දි එයාගේ එක ඇඟිල්ලක් කැපිලා වෙන් වී ඇත. ඒ නිසා ලූලාට තියෙන්නේ අත් දෙකේ ඇඟිලි නමයයි.
මෙම මේ ඡන්ද ව්යාපාරයේදී අන්ත දක්ෂිණාංශික අපේක්ෂකයා සහ ඔහුගේ මතය ගිලපු පුද්ගලයින් වැඩියෙන්ම ලූලාට මඩ ගහන්න යොදාගත්ත දෙයක් වුණේ ලූලට තියෙන්නේ ඇඟිලි නමයයි කියන එක.
එහෙත් එම සියලු දෝෂාරෝපණයන් හමුවේ ලුයිස් ඉනාසියෝ ලූලා දැවැන්ත ජයග්රහණයක් ලබමින් නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්විය.
