සිරදඬුවම් නියම වු ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් දඬුවම් නියම වීමට පෙර පසුවූයේ දැඩි මානසික අවපීඩනයකින් බවත් උන්වහන්සේ තමන් මුහුණදී සිටින අර්බුදය හමුවේ ජීවිතය පවා හානිකර ගැනීමේ අදහසක් සම්බන්ධයෙන් අමාත්යවරයෙකු වෙත දන්වා තිබූ බවද තිත්තගල්ලේ ආනන්දසිරි හිමි පවසයි.
ඥානසාර හිමියන් අත්අඩංගුවට පත්වීමට සති දෙකකට පමණ ඉහතදී ‘නමයයි පහ’ නමැති කෘතිය එළිදැක්වූ අවස්ථාව සිහිපත් කළ ආනන්දසිරි හිමි, සිය මෑණියන් දැඩි ලෙස රෝගාතුරව සිටින පසුබිමක තමන් වෙනුවෙන් මැදිහත් වන ලෙස උන්වහන්සේ ත්රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් ඉතා බැගෑපත්ව ඉල්ලා සිටි බවද පවසයි.
හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන විසින් තමන්ට ලබාදුන් ජනාධිපති සමාවේ පැවති ක්රියාපටිපාටිය දෝෂ හේතුවෙන් තමන්ට මෙවැනි ඉරණමකට මුහුණ දීමට සිදුවූ බව පවසමින් උන්වහන්සේ දැඩි කම්පනයකින් හා මානසික පීඩනයකින් පසුවූ බවද පවසයි.
කොළඹදී පැවති මාධ්ය හමුවක් අමතමින් උන්වහන්සේ මේ බව පවසයි.
