දූෂිත දේශපාලඥයන්ට එරෙහිව නව පනතක් පාර්ලිමේන්තුවට.!

යම් පුද්ගලයෙක් දේශපාලනයට පැමිණ වසර කීපයකට පසුව ඔවුන් රාජ්‍ය බලය භාවිත කර රට වටෙන්ම ඉඩම් සහ යාන වාහන හිමිකර ගන්නා බවත් බැංකු ගණනාවක ගිණුම් පවත්වාගෙන යන බවද ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර සදහන් කළාය.

මන්ත්‍රීනි නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර සදහන් කළේ,

“පසුගිය කාලය තුළ ජනතාවගෙන් බරපතළ ඉල්ලීමක් තිබුණා මෙම දේශපාලකයන් හොරකම් කරන ලද දේපළ, දූෂණ වැඩවලින් උත්පාදනය කරන ලද දේ නැවත රජයට අත්පත් කරගන්න කියලා. ඒ වෙනුවෙන් තමයි අපි අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන්නේ.

අද දවසෙත් විපක්ෂයේ ඇතැම් මන්ත්‍රිවරු සම්බන්ධයෙන් මේ පිළිබඳ නඩු අධිකරණයේ විභාග වෙනවා. රාජ්‍ය බලය අත්පත් කරගන්නා කණ්ඩායම විසින් පොදු දේපළ හොරකම් කිරීමේ ජනතාවගේ ධනය හොරකම් කිරීමේ කලාවක් මේ රටේ තිබුණා.

2023 දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡාවට යද්දී ඔවුන් අපේ රටේ ආර්ථික තත්ත්වය වගේම පාලනය සම්බන්ධයෙන්ද විමර්ශනයක් කරනවා. එහි ප්‍රතිඵල ලෙස තමයි ඔවුන් වංචා දූෂණ වැළැක්වීම සඳහා මෙවැනි පනතක් සම්මත කරන ලෙස බල කරන්නේ.

මේ පනත පසුගිය ආණ්ඩු කාලයේ ගේනවා කියලා පොරොන්දු වෙලත් ගෙනාවේ නැහැ. අපි එය ශක්තිමත් කර ගෙනාවා. මේ පනත මගින් දූෂණ වංචා හා ඒ සම්බන්ධ අපරධ පිළිබඳ විමර්ශනය කරන ආයතනවල වගේම නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලත් බලතල වැඩිකර ඒවා ශක්තිමත් කර තිබෙනවා.”

මන්ත්‍රිනි නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර පාර්ලිමේන්තුවේදී මේ බව සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments