Advertisements
Advertisements

ජනප්‍රිය නළු හේමාල්ට අධිකරණයෙන් දුන් නියෝගය.!

LIVE

ජනප්‍රිය රංගන ශිල්පී හේමාල් රණසිංහ වැල්ලවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තේය.

සිනමා විචාරකයකුට පහරදීම සම්බන්ධයෙන් රංගන ශිල්පී හේමාල් රණසිංහ වැල්ලවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තේය.

අත්අඩංගුවට ගත් රංගන ශිල්පී හේමාල් රණසිංහ අද (03) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හේමාල් රණසිංහ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

තවද මෙම නඩුව මැයි මස (14) වන දින නැවත කැඳවීමට නියමිතය.

එම පහරදීම ගැන සිදුකළ පැමිණිල්ල සම්බන්ධයෙන් පොලිසිය ඉදිරියේ පෙනී සිටින ලෙස හේමාල්ට අවස්ථා කිහිපයකදී දැනුම් දී තිබුණද, ඔහු එසේ නොකළ බව වාර්තා වේ.

2 Comments
Most Voted
Newest Oldest